ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ පිහිටි ටයර් අලෙවි කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
අදාළ ගින්න නිවී සදහා ගිනි නිවීමේ රථ 08ක් පමණ යෙදවීමට කටයුතු කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

