Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියානු හමුදාවට එක්වීමට ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි ඉල්ලුමක්! ලක්ෂ ගණනක වැටුපක්!

3 years ago

රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

මෙරට පවතින ආර්ථික අපහසුතාවයද ඒ සඳහා හේතු වී ඇති බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 9ක පමණ ඉහළ වැටුපක් ලැබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බොහෝ පිරිසක් මේවන විට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් වාර්තා කරනවා.

තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා ඝාතනයට ලක්වීමට පවා ඔවුන් සූදානමින් සිටින බවත් මෙලෙස එක්වන ඇතැම් සෙබළුන් යුද්ධයේදී මිය යන බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.