Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බන්ධනාගාරගත කළ ඥාණසාර හිමි හදිසියේම ලෙඩ වෙයි

3 years ago

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ, උන්වහන්සේට ඇති වූ බව කියන හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

කූරගල ආගමික සිද්ධස්ථානය සම්බන්ධයෙන් උන්වහන්සේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ මහාධිකරණය ඊයේ (28) නියෝග කළා.

ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ.

ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සද්ධාතිස්ස හිමියන් පැවසීය.