මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස එම දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පසු ප්‍රතිඵල නිකුත් වීමට ගතවන මාස 04ක පමණ කාලයේදී දරුවන් වෙනත් දේ සඳහා යොමු වන බවත් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ දරුවා අඛණ්ඩව අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ගොනුවී සිටින බවයි ප්‍රේම්ජයන්ත මහතා කියා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මඟින් පාසල් තුළ උසස් පෙළ සඳහා පෙනී සිටින ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එක්වර ගොනුවනු ඇති බවත්, එය ප්‍රශ්නයක් නොවන පරිදි ඉඩකඩ කළමනාකරණය කර ගැනීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළා.
අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළ යුතුව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් අදියරෙන් අදියර සිදු කරමින් සිටින බවයි.
ඉදිරියේදී සෑම වසරකම සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

