උදාවන සිංහල – හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි සළාක බෙදා දීම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින සිදු කෙරුණා.
මෙලෙස එම වියළි සලාක බෙදා දීම සිදු කරනු ලැබුවේ යුද්ධ හමුදාපතිවරයා 542 බලසේනාවේ බලසේනාධිපති වශයෙන් කටයුතු කළ සමයේ ඉදිකළ “විකුම්පුර” ගම්මානයේ ජීවත්වන ජනතාවටයි.
මෙම ගම්මානය මන්නාරම් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වූවන්ට ලබාදීම වෙනුවෙන් ඉදිකර ඇති අතර වත්මන් යුද්ධ හමුදාපතිවරයාට කරනු ලබන කළගුණ සැලකීමක් වශයෙන් ගම්වාසීන් මෙම ගමට ‘විකුම්පුර’ ලෙස නම් තබා තිබුණා.
මෙය ඉතිහාසයට එක්වන්නේ මේජර් ජෙනරාල් ජනක පෙරේරා සිහිවීම සදහා ඉදිකළ ජනකපුරට පසු යුද්ධ හමුදා නිලධාරියෙකුගේ නමින් බිහිවූ දෙවැනි ගම්මානනය ලෙසයි.

