Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එකම දුම්රියට ස්ථාන දෙකකදි මිනිස් ජීවිත දෙකක් බිලි වෙයි! අනතුරු දෙකම රාගමදී සිදු වෙයි!

3 years ago

මහනුරව සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ රාගම දුම්රිය හරස් මාර්ගයේදී සහ රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේන්හිදීයි.

අද උදෑසන 8.45ට පමණ රාගම දුම්රිය මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ 24 හැවිරිදි තරුණයෙකු පළමුව දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.

ඉන් අනතුරුව දුම්රිය යළි කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර ඇති අතර රාගම තුඩුවේගෙදර ප්‍රදේශයේදීද පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.