ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (29) ඩොලර් 87ක් ලෙස සටහන් වී පැවතියේය.
නමුත් මෙම මස පළමුවනදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබුණේ ඩොලර් 81ක් ලෙසයි.
එමෙන්ම මෙම මස ආරම්භයේදී ඩොලර් 77ක වැනි අගයක පැවති ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිලද ඩොලර් 83.17 දක්වා ඊයේ දිනය වන විට ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම බවයි.

