Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තෝරාගත් තනතුරු කිහිපයකට විශේෂ දීමනාවක්! දීමනාව ලබාදීමට හේතුව මෙන්න!

3 years ago

ප්‍රාදේශිය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක් ලබාදීමට පිියවර ගන්නා බව පළාත් සභා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසයි.

එය මෙම මාර්තු මාසයේ සිට ලබන දෙසැම්බර් මාසය දක්වා බව ඔහු කීය.

එම දීමනාව හිමිවන අනෙකුත් පිරිස වන්නේ සහකාර ප්‍රාදේශිය ලේකම් , සහකාර අධ්‍යක්ෂ ගණකාධිකාරි වරුන් ටය.

සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබා දෙන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වසරේ සිදු කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ල ජූලි 31වනදා වන විට නිම කරන ලෙස ඔවුනට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මින් පෙර වර්ෂවලදී සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන මුදල් දෙසැම්බර් 31 වනදා තෙක් භාවිතා කිරීමට හැකියාව පැවතියේය.