Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කීර්තිමත් ගුරුවරියකට රිය අනතුරකින් දිවි අහිමි වෙයි

3 years ago

ඇඹිලිපිටිය නෝනගම මාර්ගයේදී සිදුවූ අනතුරකින් 51 හැවිරිදි වියේ පසුවූ සමන්තිකා ජයසිංහ නමැති ගුරුවරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය සිය දරුවන් දෙදෙනා සමඟ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි.

අනතුරින් ඇයගේ සැමියා හා දරුවන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති අතර ඔවුන් තිදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා ඇත.

ඇය මාතර පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ වාණිජ අංශ ප්‍රධානී ගුරුවරිය ලෙස කටයුතු කර ඇති අතර ඇයගේ සැමියාද විදුහල්පතිවරයෙකු බවයි වාර්තා වන්නේ.

ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක වැදීමෙන් අනතුර සිදුව ඇති අතර පොලීසිය සැකපළ කරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.

අම්බලන්තොට පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.