මෙරට පාසල් සිසුන්ට ජපානයේ ‘ChildFund’ (චයිල්ඩ්ෆන්ඩ්) ආයතනයෙන් පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාංත්යාංශය සඳහන් කළේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනය මෙම පාපැදි ලබා දී ඇති බවයි.
මේ වන විටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගෙන ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා දීමේ දී ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා තිබෙනවා.
එමෙන්ම සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතා ද මෙහි දී සැලකිල්ලට බඳුන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

