ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සේනක බටගොඩ මහතා විසින් ගායනා කරනු ලබන ගීත අතරින් ගීත 07ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අද (02) වාරණයක් නිකුත් කර තිබෙනවා.
අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 07 ගායනය කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම මීට හේතුවී ඇත.
ජනත් කුලතිලක මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබලා මෙම වාරණය නිකුත් කරනු ලැබීය.
එමෙන්ම මෙම නියෝගයෙන් ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව ඉහත ගීත 07 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමද වළක්වා ඇත.

