රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තූවාල ලබා තිබේ.
තූවාල ලැබූ පිරිස රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
තුවාල කරුවන් අතර වෑන් රථයේ පැමිණි කුඩා දරුවන් දෙදෙනෙකුද සිටී.
ලොරි රථයේ රියදුරු රත්නපුර පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන තිබේ.

