සිංහල අලුත් අවුරුද්ද සඳහා නිකුත් කර ඇති නැකැත් සීට්ටු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමේ බලය කැබිනට් මණ්ඩලයට ලබා දෙන ලෙසට ජාතික නැකැත් කමිටුව ඉල්ලීමක් සිදු කරනවා.
ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගැනීමෙන් අනතුරුව එය රටට දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ඔවුන් විසින් ඉදිරිපත් කළ විකල්ප නැකැත් සීට්ටුවේ උදෑසන නැකැත් රජය විසින් ප්‍රතික්ෂේප කරන්නේ නම් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි ඔවුන් පවසන්නේ.
එමෙන් ම රජය අපහසුතාවට පත්කිරීමේ සූදානමක් නොමැති බවයි ඔවුන් අදාළ ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

