Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නෞකාවකට පටවන්න ගිය වාහනයක් හම්බන්තොට වරායේදී මුහුදට වැටෙයි! රියදුරු තුවාල ලබයි!

3 years ago

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

අද (03) අළුයම 2.30 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

ඒ පැනමා ධජය යටතේ පැමිණි නෞකාවකට වරායේ ගාල්කර තිබූ වාහන පැටවීමේදීයි.

රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව වන්නට ඇති බවට සැක කරන අතර නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ රියදුරු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.