ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික ‘යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා’ දිවියෙන් සමුගෙන තිබෙනවා.
ඒ බව ලොවට දැනුම් දුන්නේ වෙනිසියුලා ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.
මියයන විට ඔහු 114 වන වියේ පසු විය.
ඔහු ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්වන්නේ 2022 වසරේ පෙබරවාරි මස 4 වැනිදායි.
දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වන ඔහුට 2022 වසර වන විට මුණුබුරන් 41ක්, මුණුබුරන් 18ක් සහ මී මුණුබුරන් 12 දෙනෙක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

