Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසලේ ගොඩගසා තිබූ බෝක්කුවක් ඇඟ මතට පෙරලීමෙන් 11 හැවිරිදි පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි

3 years ago

පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බෝක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු රොහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මෝර් වතුයායේ පදිංචි සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 11 හැවිරිදි සිසුවෙකි.

ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග අද (04) දින පස්වරු 1.30ට පමණ වැසිකිලිය වෙත යාම සඳහා සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් සිසුවාගේ ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ ලෙස තුවාල ලබා තිබුණා.

පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්වී තුවාල ලබා සිටි සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ කොන්ක්‍රීට් තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් තිබූ බවද හෙළිවී තිබෙනවා.(monara)