Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවි සිසුවෙක් බෝඩිම් කාමරයේදී හදිසියේම මිය යයි

3 years ago

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පිහිටි සිය තාවකාලික නවාතැන් කාමරයේදී ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ හදිසියේ රෝගීවී මියගොස් තිබෙනවා.

ඔහු වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුවක්.

ඔහුව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වනවා.

මිතුරන් සමග නවාතැන ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකින් ඊයේ මධ්‍යම රාත්‍රී 12.30ට පමණ තේ පානය කර නැවත නවාතැන වෙත පැමිණ තිබෙනවා.

මද වේලාවකදී සිසුවා ඔහුගේ ඇඳ මත ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිට ඇති අතර එකවරම ඔහුගේ අතක් වෙව්ලන අයුරු අනෙක් සිසුන් දෙදෙනා දැක තිබෙන අතර ඔවුන් එම අතට යකඩ කැබැල්ලක් ලබා දුන්නද එම රෝගී තත්ත්වය අඩු නොවීම හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ මිතුරන් ඔහුව පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ බව පොලිසිය පවසනවා.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ පිළියන්දල රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මූලික විමර්ශන පවත්ව මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශීක්ෂණ රෝහල කරා රැගෙන යන ලෙස පිළියන්දල පොලිසියට නියෝග කර තිබෙනවා.(source – monara)