අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඊයේ (04) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
ඒ උසස් පෙළ සිසුවෙක් විසින්.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් මෙම වෙබ් අඩවිය යළි යථා තත්වයට පත් කිරීමේ කටයුතු වල නිරත වන බවයි.
එම කටයුතු අද (05) දිනය තුළ නිම කිරීමට හැකි වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

