ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.
සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධානය කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පසුගියදා (03) පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍යවේදීන් සඳහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබුණා.
දකුණු ආසියාවේ ආර්ථික වර්ධනයත් සමඟ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාවට ඇති අභියෝග, බලපෑම් දිනෙන් දින ඉහළ ගොස් ඇති අතරම ආයතනික වශයෙන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂිත පියවර ගැනීමේ වැදගතකම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

