Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිය අනතුරකින් බුලත්සිංහල උණුසුම් වෙයි! ප්‍රදේශවාසීන් යතුරු පැදියකට ගිනි තබයි!

3 years ago

බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රි 7.30ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඉංගිරිය සිට බුලසිංහල බලා ගමන් කරමින් තිබූ යතුරු පැදියක මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරත් පසු ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් යතුරුපැදියට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනයට බුලත්සිංහල පොලිසිය මැදිහත්ව ඇති අතර යතුරුපැදිකරුවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.