Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් අවුරුදු උත්සවවලට අනතුරු ඇඟවීමක්! මෙවැනි තරග පැවැත්වුවහොත් වැඩ වරදී!

3 years ago

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (05) පැවත්වුණා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

අවුරුදු උත්සව පැවැත්වීමට අදාළ උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවයි එහිදී සඳහන් කළේ.

ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලීසියේ අනුමැතිය ලබා ගත යුතුය.

එහිදි අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බවය.

අවුරුදු උත්සව ලියාපදිංචිය සිදු කරන ආකාරය හා නීති විරෝධී ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය සිදු කළ පැහැදිලි කිරීම පහතින්.