Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

three wheel price in sri lanka

බස්නාහිර පළාතේ ත්‍රී රෝද රථ ‍රියදුරන්ට දැනුම් දීමක්

3 years ago

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙනවා.

එහි සභාපති ඕ. එච්. ප්‍රසන්න සංජීව මහතා පසුගිය 04 වනදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

එසේ ලියාපදිංචි වීමට රුපියල් 3000ක මුදලක් අය කරන බවද ප්‍රසන්න සංජීව මහතා මෙහිදී ප්‍රකාශ කළා.

සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා රුපියල් 500ක්ද, වාර්ෂික මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රය සඳහා රුපියල් 1000ක්ද, රියැදුරු ලියාපදිංචිය සඳහා රුපියල් 1500ක්ද ආදී වශයෙන් මෙම රුපියල් 3000ක මුදලක් අය කරන බවයි.

බස්නාහිර පළාතේ ඇති මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල 8 තුළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදු කරන බවත් මේ ගැන වැඩිදුර තොරතුරු www.wptaxi.lk වෙබ් පිටුව ඔස්සේ දැනගත හැකි බවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙනවා.

ලබන ජුනි 30 වැනිදා දක්වා බස්නාහිර පළාතේ වෘත්තීමය ත්‍රිරෝද රථ ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබාදෙන බවත්, ජූලි 01 වැනිදා සිට සියලු ත්‍රිරෝද රථ මාර්ග පරීක්‍ෂකවරුන් ලවා පරීක්‍ෂාවට ලක් කරන බවත් එහිදී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි නොවී මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.