ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ (Han Duck Soo) මහතා පවසා තිබෙනවා.
කොරියානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවුණා.
කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යැම සඳහා සෑම විටම පෙනී සිටින බවයි.

