Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ග්‍රාම නිළධාරීන්ගේ දීමනා ඉහළ දමයි

3 years ago

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

එම දීමනා ඉහළ දැමීම අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මකය.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති අතර ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත.

මීට අමතරව වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාවද රුපියල් 3,000 ලෙස සංශෝධනය කර තිබේ.