මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 53 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.
මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ ආරවුලක් ඇති බවට මාවනැල්ල පොලීසියට දුරකථන ඇමතුමක් ලැබී තිබුණා.
ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බව සඳහන්.
එහි දී ආරවුලට සම්බන්ධ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ තවත් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩිතබා ඇති අතර එම පොලිස් නිලධාරියාට ද අදාළ පුද්ගලයා පහර දීමට උත්සහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.
පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් පහරදීම සිදුකළ පුද්ගලයාගේ පියාට වෙඩිවැදී ඇති අතර තුවාල ලැබූ ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අදාළ පහරදීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. (source – monara)

