Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැටුප් පිළිබඳව මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

3 years ago

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහායි.

අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක්කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.

ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව රුපියල් 10,000ක මුදලක් එක් වනු ඇති.

මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බවයි, රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.