Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුත් අවුරුද්දට රජයෙන් ලැබෙන අලුත්ම සහනය! සහනය හිමිවන පිරිස මෙන්න!

3 years ago

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.

මේ යටතේ අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් මලු බෙදාදීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට නියමිතය.

අස්වැසුම ප්‍රතිලාභීන්, අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින් අතරින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා තෝරාගන්නා පුද්ගලයින්, අස්වැසුම වැඩසටහන හරහා ප්‍රතිලාභ නොලැබෙන සමෘද්ධි ප්‍රතිලාභීන්, අස්වැසුම හෝ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අමතර මූල්‍යාධාර ලබන වැඩිහිටි පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගී පුද්ගලයින් සඳහා මෙම සහල් මලු බෙදාදීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 54, 800ක පමණ සහල් ප්‍රමාණය සැපයුම්කරුවන්ගෙන් මිලට ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.