අම්පාර ඉගිනියාගල නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකාහාමරක දරුවකු බවයි පොලිසිය පවසන්නේ.
මෙම දරුවා මාර්ගය හරහා මාරුවීමට යෑමේදි තැඹිලි පටවාගෙන පැමිණි ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
පසුව එම දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වෙන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කලේය.
මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.

