Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් දින පහක විශේෂ මෙහෙයුමක් අරඹයි

3 years ago

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව දිවයින පුරා ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කර සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙය ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කරයි.

ඒ අනුව මෙම විශේෂ වැඩපිළිවෙළ මෙම මස (06) සිට එළඹෙන (10) වනදා දක්වා ක්‍රියාත්මකය.

ඒ අනුව ආරම්භක දිනය(06) දිනය තුළදී පමණක් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇත.

බැංකු ගිණුම් වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා උපයෝගී කර ගනිමින් ඔවුන් සම්බන්ධ වැඩිදුර විමර්ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කරායි.