සුව කළ නොහැකි මෙන්ම කතා කල නොහැකි තම රෝගී පුතු හේතුවෙන් කළ කිරීමට හා සිත්තැවුලට පත් රාගම ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු සිය පුතාගේ ගෙල සිර කර ඝාතනය කර ඔහුද ගෙළ වැලලාගෙන මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රාගම, වැලිසර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36ක් වයසැති පොලිස් නිළදාරියෙකු සහ ඔහුගේ අවුරුදු 9ක් වයසැති කුඩා දරුවායි.
පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලීනව මානසික පීඩාවෙන් පසු වී ඇති මෙම නිලධාරියා මෙලෙස සිය දිවි නසාගෙන ඇතැයි මරණ පරික්ෂණයේදී බිරිඳ විසින් සාක්ෂි දී තිබෙනවා.
පෙරේදා (06) බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

