Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් ගුවන් හමුදා සෙබළෙකු මිය යයි

3 years ago

පාදුක්ක, අංගමුවේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු අද (08) මියගිය බව පොලිසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මුරපොළක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි.

පොලීසියට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගිය පුද්ගලයා ඊයේ හොරණ, තල්ගහවිල දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ තුවක්කුකරු බවට සැකකරන බවයි.

එමෙන්ම මෙම වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයා ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු (ස්වේච්ඡා සේවකයෙකු) බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කරනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණයක් පවත්වන බවයි සඳහන් කළේ.