වවුනියාවේ සුන්දරපුරම් විදුහලේ දෙවන වසරේ කුඩා ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියක් ඊයේ (07) වවුනියාව ඊච්චන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවාට පෙර දිනයේ කියා දුන් පාඩම් මතකයේ නොතිබූ බව පවසමින් එම ගුරුවරිය සිසුවාට පහර දී තිබූ අතර එම පහර දීම නිසා සිසුවාගේ ඇස් වලට හිසට කම්මුලට තුවාල සිදුව තිබෙනවා.
දෙමව්පියන් මුලින්ම පාසලට ගොස් තම පුතාට පහර දුන් බව පැවසෙන ගුරුවරිය හමු වී තොරතුරු විමසු අවස්ථාවේදී එම ගුරුවරිය දෙමව්පියන්ටද බැන වැදී තිබෙන බවයි සඳහන් වන්නේ.
අනතුරුව ඔවුන් සිසුවා ප්‍රතිකාර සදහා වවුනියාව මහ රෝහලට අතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල් පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලින් පසු ඊච්චන්කුක්ලම පොලිසිය විසින් සැකකටයුතු ගුරුවරිය අත් අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් ගුරුවරිය වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවද වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයද පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සඳහන්.

