ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් වාහන ඇතුළු දේපළ රැසකට හානි සිදුවී තිබෙන බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉඳි කරමින් පවතින ගොඩනැගිල්ලකයි.
මෙම අනතුරින් නිවසකට, මෝටර් රථයකට සහ ත්‍රීරෝද රථයකට අලාභ සිදු වී තිබෙනවා.
කෙසේවෙතත් බක්කිය කඩා වැටෙන අවස්ථාවේදී කිසිදු පුද්ගලයකු ඒ අවට නොසිටිම හේතුවෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුවි නැහැ.
මෙලෙස කඩා වැටී තිබෙන්නේ මහල් 23කින් යුක්තව ඉදිකරමින් පවතින කාර්යාල සංකීර්ණයේ ඉහළ මහලේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට භාවිතකළ ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කියයි.
පොලිසිය සඳහන් කරන්නේ එම බක්කිය යාබද නිවසේ කොන්ක්‍රීට් තට්ටුව මතටත්, බක්කියේ තිබුණු කොන්ක්‍රීට් ගල් මෝටර් රථය හා ත්‍රී රෝද රථය මතටත් වැටී ඇති බවය.

