Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවක ගුරුවරුන් පිරිසක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය! බඳවා ගන්නා ප්‍රමාණය හා විෂයන් මෙන්න!

3 years ago

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් වුවත්, ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමක දී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදු කරනු ලබන පාසල් 765 ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු සංඛ්‍යාව 6,500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමව තිබෙනවා.

ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2,500 ක් බඳවා ගැනීමටත් ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.