මහනුවර ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාර පරිශ්‍රයේදී ඝාතනයට ලක්වූ බවට පැවසෙන පුද්ගලයාගේ දේහය භාරගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තාවෙයි.
යම්කිසි අපරාධයක් සඳහා පන්සල තුළට ඇතුල් වූ බවට ඇතිවූ සැකය මත සිදුකළ පහරදීමකින් ඔහු මියයන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී රක්ඛංග විහාරයේ විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක භටයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ පළමු විවාහයේ බිරිඳ පවසා ඇත්තේ දික්කසාද වී ඇති බැවින් දේහය භාරගැනීමට නොහැකි බවය.
එසේම මියයන අවස්ථාව වනවිට ඔහු සමග වාසය කළ කාන්තාව පොලීසිය වෙත පවසා ඇත්තේ තමන් කුලී පදනම මත සිටින බැවින් දේහය භාරගැනීමට නොහැකි බවය.
ඒ අනුව දේහය භාරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් දේහය පිළිබඳව අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීම සඳහා අවශ්‍ය ඉදිරි අධිකරණමය කටයුතු සිදුකිරීමට පොලීසිය තීරණය කර ඇත.
මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලබයි. (source – adaderana)

