අතුරුගිරිය ගල් වරුසාව පාරේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබුණි.
ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
විදෙස්ගතවී සිටින පාතාල ක්‍රියාකාරියකු විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් කිහිප වරක් කප්පම් ඉල්ලා ඇති බවත් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.
ඒ හේතුවෙන් මෙලෙස තර්ජනය කරන්නට ඇති බවත් සැක කරන බව නවගමුව පොලීසියේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම කෝටිපති ව්‍යාපාරිකයා මහරගම පමණුව ප්‍රදේශයේ විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන අතර ඔහුට තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් හිමි බව පොලීසිය සඳහන් කරනවා.

