Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිනියගේ ස්ථාන මාරුව අත්හිටුවීමට එරෙහිව විරෝධයක්

3 years ago

දූෂණ චෝදනා ලබා සිටින මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ස්ථාන මාරු කිරීම සඳහා අධ්‍යාපන ලේකම්වරයා ලබා දී ඇති නියෝගය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවයා විසින් වෙනස් කිරීමේ තීරණයට එරෙහිව එම විද්‍යාලයේ ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් විරෝධය පළ කර තිබෙනවා.

නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලය ඉදිරිපිට පසුගියදා (08) මෙම විරෝධතාව පවත්වා තිබුණා.

මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන අනුලා සුරවීර මොරවාලියද්ද මහත්මියගේ ක්‍රියා කලාපයට එරෙහිව පාසලේ ගුරු භවතුන්, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය, අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු පාසල් ප්‍රජාව පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් සිදු කරන ලද විධිමත් පරීක්ෂණයකින් අනතුරුව එම විදුහල්පතිනියට ස්ථාන මාරුවක් සඳහා නියෝගයක් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත්, මෙම විරෝධතාවයට එක් වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද නියෝගය නොසලකා හරිමින් විදුහල්පතිනියට ලබා දී ඇති ස්ථාන මාරුව අත්හිටුවා වෙනත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් ලබා දී ඇති නියෝගය වෙනස් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ගත් අත්තනෝමතික තීරණයට එරෙහිව විම විද්‍යාලයේ ගුරුවරුක් දෙමාපියන් ඇතුළු පිරිස මෙසේ විරෝධය පළ කර තිබුණා.

එමෙන්ම, පළමු පාසල් වාරයේ පාසල් නිවාඩුව ආරම්භ වන අද (10) දිනයේ මෙම ස්ථාන මාරුව පරිදි කටයුතු නොකළහොත් එළඹෙන 22 වෙනි දින යළි පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව දැවැන්ත ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා පියවර ගන්නා බව ලංකා ගුරු සංගමය අවධාරණය කරනවා. (source – news19)