Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්කුඩු අලෙවි කළ පාසල් ගුරුවරියක් අත්අඩංගුවට

3 years ago

මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත පාසල් ගුරුවරියක් සහ ඇගේ මව වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගුරුවරිය 28 හැවිරිදි තරුණියක වන අතර ඇගේ මව 46 වියේ පසුවෙනු ලබනවා

මොවුන් දෙපළ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාසල් ගුරුවරිය සතුව හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2300ක්ද ඇගේ මව සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 4500 පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. (source – monara)