මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පළමු නැකත් චාරිත්‍ර ද්විත්වය (11) අදට යෙදී තිබේ.
ඒ අනුව අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයත් අදට යෙදී තිබේ.
නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බවයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද තවත් දින දෙකකින් උදාවීමට නියමිතය.

