කනංකේ දොලේලියද්ද ප්රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයින් ප්රවාහනය කරමින් සිටි ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.
රාත්රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිළධාරීන් පිරිසක් අද අලුයම කනංකේ රජමහා විහාරය අසල ප්රදේශයේදී ලොරි රථයකට ගවයෙක් පටවනු දැක තිබෙනවා.
එම පොලිස් නිළධාරීන් පිරිස දොලේලියද්ද ප්රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර තිබේ.
නමුත් ලොරි රථය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිස් නිලධරීන් විසින් රථයට වෙඩි තබා තිබේ.
වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙක් පළා ගොස් තිබේ.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
තුවාල ලැබූ සැකකරුව ප්රතිකාර සඳහා කරාපිටිය රෝහළට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.

