බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ අලුත් අවුරැද්දට බුලත් කැඩීම සදහා ගසකට නැගි පුද්ගලයකු ගසේ අත්තක් කඩා වැටී ළිඳකට ඇදවැටීමෙන් මියගොස් තිබේ.
බලන්ගොඩ පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ පනස් දෙහැවිරිදි දෙදරු පියෙක් බවයි.
ගෙවත්තේ ඇති අඩි හතළිහක් පමණ උස ගසකට මොහු නැග ඇත්තේ අලුත් අවුරුදු උත්සවය සඳහා අවශ්‍ය බුලත් කැඩීමටයි.
එම අවස්ථාවේදී ගසේ තිබූ දිරාගිය අත්තක් කඩා වැටී මරණකරු අත්ත සමඟ ගස යට තිබූ ළිඳකට වැටී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

