හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් කරගෙන යන බව කියන වගාවකට හා තවත් එවැනි ව්‍යාජ තැන්වල මුදල් ආයෝජන නොකරන ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මුදල් ආයෝජන බාරගත හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනවලට පමණක් බවද ඒ මහතා අවධාරණය කරයි.
මෙවැනි විවිධ විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු බාරගන්නේ නම් මහ බැංකුවට හෝ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද මහ බැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ නිසා මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුළු විවිධ ව්‍යාජ තැන්වල මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටීමට ජනතාව වග බලාගත යුතු බවද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි. (source – monara newspaper)

