ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යගේ සොහොයුරෙකු වන වෛභව් පාණ්ඩ්‍ය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මුම්බායි පොලිසියේ අපරාධ අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ සමාගමකින් රුපියල් කෝටි 4ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත් වී ඇති බවයි

