Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දොළොස් හැවිරිදි දැරියක් ගමන් කරමින් තිබූ දුම්රියක ජනේලයෙන් එළියට වැටෙයි

3 years ago

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක් දුම්රියෙන් පිටතට වැටී ඇති බව පොලිසිය පවසනවා.

දුම් රියේ ජනේලයකින් අත් පිටතට දමා අත් සේදීමට යෑමේදී ඇය මෙලෙස දුම්රියෙන් පිටතට වැටී ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇයව වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව ජනේලයෙන් අත පිටට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරනවා.