උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නමුත් විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු තවමත් අවසන් නොමැති බවයි වාර්තා වන්නේ.
පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා පෙනි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 342,883කි.

