බලංගොඩ හැටන් මාර්ගයේ බලංගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
පොලීසිය පවසන්නේ එම අනතුරෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් තුන්දෙනෙකුගේ තත්වය බරපතල බවයි.
ශ්‍රී පාද වන්දනාවෙහි ගොස් ආපසු වීරකැටිය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුර සම්බන්ධයෙන් බලන්ගොඩ පින්නවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

