Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජී.එල්. පීරිස්ගේ මන්ත්‍රී ධූරය අහිමි වීමේ අඅවදානමක්

3 years ago

මෑතකදී සමගි ජන සන්ධානය සමගින් ර්ක් වූ පොහොට්ටුවේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ සමග ගිවිසුම්වලට එළඹෙන්නන්ට එරෙහිව ඉදිරියේ දී ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය දුන් බවයි.