අවුරුදු උදාව ආරම්භයේදී ලග්නාධිපති සිකුරු බුධ සහ රාහු සමඟ හයවැන්නේ උච්ච බලයෙන් ගමන් කරන අතර, කුජ ශනි පහේද, රවි – ගුරු හතේ, සඳු නවයේ, කේතු දොළහේද ගමන් කරයි. රවි උච්චව මයුරපාල යෝගය ද සිකුරු උච්ච වීමෙන් මහෞෂධ යෝගය සෙනසුරුගෙන් ජය යෝගය ද උදාව ඇත. බුධ, සිකුරු, දෙදෙනාම හයේ නිසා නීච භංග වී ඇත.
ගෘහ ජීවිතය
අවුරුදු උදාව යහපත් පල උදා කරනු ඇත. වසරේ මැද සිට ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් විය යුතුය. සතුරු උවදුරු යෙදිය හැකිය. ඥාතියකුගේ හිතවතකුගේ මරණය වැනි කනගාටු සිද්ධි ඇතිවීමට ද ඉඩ තිබේ. පදිංචි ස්ථාන වෙනස්වීම් ඇති විය හැකිය. එහෙත් තමා කැමැති ආකාරයට සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව සැලැසේ. තම නිවෙසට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට මෙන්ම නිවෙස විසිතුරු කරන්නට වැඩපිළිවෙළක් සැකසේ. මැයි මාසයෙන් පසුව සතුරු උවදුරු ඇතිවීමට ඉඩ කඩ වැඩිය. එනිසා ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුය.
සිකුරු දසා ගත කරන අයට ශරීර සනීපයට බාධා යෙදිය හැකිය. ස්ත්‍රී පක්ෂයෙන් කරදර ඇති වේ. කුජ දශා ගත කරන අය ආධ්‍යාත්මික අංශයට ද යොමු වේ. අවිවාහක අයට මංගල කටයුතු උදා වේ. පේ‍්‍රම සම්බන්ධතා ඇති වේ. කරන කියන කටයුතු සාර්ථක වේ.
විවාහ දිවිය යහපත්ව පවත්වාගෙන යාමට අවකාශ සැලැසේ. අඹුසැමි සම්බන්ධතාවය වැඩි දියුණූු වෙයි. ගුරු දශා ගත කරන අයට ගරු සැලකිලි ලබමින් විශ්වාසවන්ත ලෙස කටයුතු කළ හැකිය. හවුල් කටයුතුවලින්ද සාර්ථක ප්‍රතිපල ලැබිය හැකිය. ආශ්‍රය කරන අයගෙන් උදව් උපකාර ලැබිය හැකිය. මැයි සිට බාධා කරදර ඇති විය හැකිය. බුධ දශා ගත කරන අයටද යහපත් ප්‍රතිඵල ලැබේ. ශනි තුලාවට යෝග කාරක වේ.
ස්ථිර අදහස් හා ප්රතිපත්තිවලින් යුතුව කටයුතු කරයි. රවි දශා ගත කරන අයට ද සුබ දායකය. දියුණුව ගෙන දෙයි. උනන්දුව උත්සාහය ඇතිවේ. රාහු දශා ගත කරන අයට දුර ගමන් යෙදේ. අලුත් දේට පෙලඹේ. කේතු දශා ගත කරන අයටද සුබ නැත. සතුරු කරදර ඇති වේ.
රැකියාව හා ආර් ථිකය
රැකියා ලැබීම් මෙන්ම ඒවායේ දියුණුවද ඇති කරයි. ගෙදර දොර අලංකාරය ඇති වේ. රවි දශා ගත කරන අයගේ ආදායම් මාර්ග සරු වේ. ප්‍රසිද්ධිය ඇති වේ. රාහු දශා ගත කරන අයගේ වියදම් වැඩි වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයට යහපත් කාලසීමාවකි. දැනුම වැඩිවේ. විශේෂයෙන් බුධ දශා ගත කරන අයගේ කලා කටයුතු සාහිත්‍ය ශාස්ත්‍රීය අංශ දියුණු වේ. ලැබීම් ද ඇති වේ. උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙනුමට අවස්ථාව සැලැසේ. උරුම හිමිකම් ධන ලාබ ද ඇති වේ. සඳු දශා ගත කරන අයට ද සුබයි.
තුලා ලග්න හිමියන්ගේ ඥානය වැඩි දියුණූුවන කාලයක් බව කිව හැකිය. විභාග ආදි කටයුතු වලින්ද ජය ලැබිය හැකිය. අධ්‍යාපනය ද යහපත් වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට අසනීප කරදර සතුරු පීඩා ඇති වීමට ඉඩ තිබේ. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
සෞඛ්‍යය
උදරාබාධ යෙදීමට ඉඩ ඇතත් යහපත් පැවැත්මෙන් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතුය. නිදන්ගත හා බෝවන රෝගවලින් ආරක්ෂා විය යුතුය. ගුද මාර්ගය ආශ්රිත රෝග පීඩා ඇති විය හැකිය. එබැවින් සෞඛ්‍යය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.
අය – 05 වැය – 08
ජය අංක – 2, 4
සුබ වර්ණ – ලා රතු
සුබ මැණික් – දියමන්ති
ජය දින – සඳුදා, බදාදා
සුබ දිශාව – නැඟෙනහිර
(ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය – සුබසෙත)
