Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවේ තර්ජනවලට ඉරානයෙන් ප්‍රති තර්ජනයක්! ඊශ්‍රායලයේ වැදගත් ස්ථාන රැසකට දරුණු ප්‍රහාරයක්!

3 years ago

ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයේ හඳුනාගත් වැදගත් ස්ථානවලට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව‍යි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වෙද්දී, ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය, එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

තමන් ඊශ්‍රායලයට පහර දෙන බැවින්, ඊශ්‍රායලයේ මිතුරා ඇමෙරිකාව ‘පැත්තකට වී සිටියොත් හොඳයි’ යැයි ඉරානය ඇමෙරිකාවට ද තර්ජනය කර තිබුණි.

ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග පැවසුවේ ඩ්‍රෝන යානා 100කට වැඩි ප‍්‍රමාණයක් දියත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉදිරි පැය 48 ඇතුළත ඊශ්‍රාලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි.