Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින් බඳවා ගැනීමට නියමිත ගුරුවරුන් 2,500 බඳවා ගන්නා ආකාරය පිළිබඳව දැනුම්දීමක්

3 years ago

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සඳහා බඳවා ගැනෙන ගුරුවරු දෙදහස් පන්සිය දෙනා සඳහා 1100ක් උපාධිධාරීන් අතරින්ද, විශ්‍රාමික ගුරුවරුන් අතරින් 1000ක් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පුහුණුව ලබන ගුරුවරුන් අතරින් 400ක්ද තෝරා ගැනීමට නියමිතය.

උපාධිධාරීන් බඳවා ගැනෙන්නේ විවෘත තරග විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයක් මගිනි.

මෙලෙස බඳවා ගන්නා උපාධිධාරීන් වෙනුවෙන් මාස තුනක පුහුණුවක් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ලබා දීමට නියමිතය.

මේ අතර පුරවැසි අධ්‍යාපනය සඳහා ගුරු පුරප්පාඩු 544ක්ද, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය සඳහා පුරප්පාඩු 505ක්ද, භූගෝල විද්‍යාව සඳහා පුරප්පාඩු 489ක්ද, තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා පුරප්පාඩු 380ක්ද, ගණිතය සඳහා පුරප්පාඩු 298ක්ද, විද්‍යාව සඳහා පුරප්පාඩු 257ක් හා බටහිර සංගීතය සඳහා පුරප්පාඩු 257ක් පවතින බව වාර්තා වනවා.

මෙම පුරප්පාඩු පවතින්නේ දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන පාසල් 765ට අදාළව වන අතර එම පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමටත් ඒවායේ උගන්වන ගුරුවරු සංඛ්‍යාව 4441 සිට 6500 දක්වා වැඩි කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.